පන්තිය, කුලය නිසා රටේ ඉතිහාසය පවා වෙනස් වුණ තීන්දු ගෙන තියෙනවා – අගමැතිනිය

මෙරට තුළ පන්තිය භේදය, කුලය, භාෂාව, ආගම යන ඉතා කුඩා සාධක මත සහ දෙදෙනකු අතර පවතින හිතවත්කම මත රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් වන තීන්දු තීරණ සංවර්ධන දිශානතිය වෙනස් කරමින් ගෙන ඇති බවට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (13) දින දිලීප විතාරණ මහතා විසින් රචිත Negotiating power & Constructing the nation- Engineering in Sri Lanka කෘතිය, ශ්‍යාමා බස්නායක විසින් ‘බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැගිම’ නමින් සිංහලට පරිවර්තනය කරන ලද එම කෘතිය එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

‘‘මෙම කෘතිය ශ්‍යාමා බස්නායක විසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට දායක වී තිබෙනවා. කෘතියේ තිබෙන තවත් වැදගත් ම දෙයක් තමයි ඉහත සඳහන් කළ ඉතා ම කුඩා සාධක මත අපේ අධ්‍යාපනයට පවා සිදුවෙලා තිබෙන දේ. කන්නන්ගර මැතිතුමාව ඇගයීමට ලක් නොකිරීම ගැන කියවනකොට තේරෙනවා නිදහස් අධ්‍යාපනය දියාරු වෙන්න ඇරියා කියලා. ඉතා ම පුංචි සහ වැදගත් නොවන සාධකවලින් තමයි ඉතිහාසය පිළිබඳ ඇතැම් දේශපාලන තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ. කොහොම වුණත් පරිවර්තනය කියන්නෙත් ඉතා ම දුෂ්කර කටයුත්තක්. ඒක හුදෙක් අකුරු සහ වචන අතර ගනුදෙනුවක් නොවෙයි. එය සංස්කෘතීන් අතර වගේ ම කර්තෘ සහ පරිවර්තකයා අතර ද ගනුදෙනුවක්..‘‘ යනුවෙන්.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25