පන්ජාබ්වරුන්ට තවත් ජයක් – ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි තැනට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගය ද පරාජයට පත් වන්නට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඊයේ (08) දින සිදු වුණා.

ඒ මුල්ලාන්පූර් ක්‍රීඩාංගණයේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයේ දී ලකුණු 18කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් රැස් කරගත්තා.

ආරම්භක පිතිකරු වන ප්‍රියන්ෂ් ආර්‍යය ලකුණු 103ක් රැස් කිරීමට සමත් වූ අතර ශශංක් සින්ග් නොදැවී ලකුණු 52ක් රැස් කළා.

මාර්කෝ ජැන්සන් ලකුණු 34 යි.

කඩුලු බිඳ දැමීමේ දී කලීල් අහමඩ් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් නූර් අහමඩ් සහ මුකේෂ් එක්ව බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 220ක ඉලක්කයක් සොයා ගිය චෙන්නායිවරුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත්තේ ලකුණු 201ක් පමණයි.

ඩෙවොන් කොන්වෙ ලකුණු 69ක් සහ ශිවම් ඩබ් ලකුණු 42යි.

රචින් රවින්ද්‍රා ලකුණු 36ක් සහ දෝනි ලකුණු 27ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලොකී ෆර්ගසන් කඩුලු 02ක් සහ ග්ලේන් මැක්ස්වෙල්, ටකූර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය බිඳ වැටුණු ඉනිම සවිමත් ව ගොඩනගමින් ලකුණු 103ක් ලබාගත් ප්‍රියන්ශ් ආර්‍යය දිනාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැනට පත් වන්නට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ පැවති තරග 04න් 03ක් ම ජය ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27