AFC Banner
AFC Banner
Empty Ad

පනත් කෙටුම්පත් 3කට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයීය පනත් කෙටුම්පත, සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමථකරණය තුළින් ඇති වන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් තුන සඳහා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමි වූයේ ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී යි.

මෙම රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සහ සමථ මණ්ඩල කොමිෂන් සභාව යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.

මෙහිදී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව සහ එහි සාමාජිකයින් පත් කිරීම පිළිබඳව කමිටුව විසින් දීර්ඝව සලකා බැලීම සිදු කෙරුණා. මේ අනුව මෙම කාර්යාලය සඳහා සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශයක් අධිකරණ අමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමට කාරක සභාව වසින් මෙහිදී තීරණය කරනු ලැබුවා.

එසේම පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ග්‍රාමීය මට්ටමෙන් සහජීවන සමාගම් පිහිටුවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි. ග්‍රාමීය මට්ටමෙන් ගැටුමක් ඇති විය හැකි නම් ඒවා පිළිබඳව මුල් අවස්ථාවේදීම දැනුවත් වී ඒවා විසඳාගැනීම සඳහා පෙර සූදානම් වීම මෙම කාර්යාලය මගින් අරමුණු කරන බව ද නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සමථකරණය තුළින් ඇතිවන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතට ද කාරක සභාව සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?