AFC Banner
Empty Ad
Empty Ad

පදික මාරුවෙන් ගමන් කරද්දී සිදු වුණ අනතුරෙන් අයෙක් මරුට

පානදුර – නල්ලූරුව ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ පදික මාරුවෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු රිය අනතුරකට ලක් ව ඇති අතර එම පුද්ගලයා ඊයේ(22) දිනයේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බව පින්වත්ත පොලිසිය පවසනවා.

මෙම අනතුර පෙරේදා (21) රාත්‍රී කාලයේ සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

මාර්ගය දෙපස හොඳින් බලමින් අදාළ පුද්ගලයා පාර හරහා පදික මාරුවෙන් ගමන් කරන අතර අධික වේගයෙන් ආ ත්‍රීවිල් රියක් ඔහුගේ ශරීරගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි නල්ලුරුව – ජයන්ති මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?