පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් අද (09) දිනයේ විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?