පද්මේගේ බැංකු ගිණුම් ගැන සොයන්න CIDයට අවසර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියේ පළමුවැනි සැකකරු වන කෙහෙල්බද්දර පද්මේගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

මෙම සිද්ධියේ දෙවන සැකකරුගේ බිරිඳගේ වාහනය මුදා හරින ලෙසට එම අවස්ථාවේදී දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනීී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්ථීර මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙස දන්වා සිටියා.

සිද්ධියට අදාළ පළමු සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?