AFC Banner
Empty Ad
Empty Ad

පතුරම් තොගයක් සමග ඇමැති නිවසින් පිටවූ පුද්ගලයකු ගැනත් තොරතුරු හෙළිවේ

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක තිබී සොයාගත් අත්බෝම්බය සැකකරු රැගෙන එනු ලැබුවේ කොළඹ 07 – විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසකින් බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

සැකකරුගේ මේ ප්‍රකාශය තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇත.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, මෙම ජීව අත්බෝම්බය සහ පතුරම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් සැකකරු පවසා තිබේ.

ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුනයෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම අත්බෝම්බය රෝහල් වැසිකිලිය තුළ තැබුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට සැකකරු මීට පෙර පාපොච්චරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?