පතුරම් තොගයක් සමග ඇමැති නිවසින් පිටවූ පුද්ගලයකු ගැනත් තොරතුරු හෙළිවේ

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක තිබී සොයාගත් අත්බෝම්බය සැකකරු රැගෙන එනු ලැබුවේ කොළඹ 07 – විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසකින් බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

සැකකරුගේ මේ ප්‍රකාශය තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇත.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, මෙම ජීව අත්බෝම්බය සහ පතුරම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් සැකකරු පවසා තිබේ.

ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුනයෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම අත්බෝම්බය රෝහල් වැසිකිලිය තුළ තැබුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට සැකකරු මීට පෙර පාපොච්චරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46