‘පච්ච මංජු’ට වෙඩි තැබීමට ආ යතුරුපැදිය ඇලකි ගොඩගනී – පොඩි පැටීගේ වැඩක් දැයි සැකයක් ? (ඡායාරූප)

අහුන්ගල්ල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අහුන්ගල්ල, කරිජ්ජපිටිය අමුන පාලම අසල ඇ⁣ලේ ගිල්වා තිබිය දී මෙම ස්කූටර් වර්ගයේ යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

ඊයේ (01) දහවල් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 45ක පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතියෙක් වන ජගමුනි නීල් කුමාර මෙන්ඩිස් නොහොත් ‘පච්ච මංජු’ නැමැති අයෙක්.

බෙලිඅත්තේ පසුගිය දා සිදු වූ පංච පුද්ගල ඝාතනයේ දී ජීවිතක්ෂයට පත් වූ රෝයල් බීච් සමන් ඝාතනයට පළිගැනීමක් ලෙස පොඩි පැටී නම් පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ සැකපළ කරනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සඳහා භාවිත කළ උණ්ඩවල හිස් පතොරම් කොපු ද වෙඩික්කරුවන් විසින් රැගෙන පළාගොස් ඇති බවයි.

20240301 125429 1 scaled
20240301 125434 1 scaled
20240301 200637 scaled
20240301 201937 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?