පකිස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් චීන ජාතිකයෙකු මරුට

පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් චීන ජාතිකයෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කරච්චි නගරයේ ශද්ධාර් ප්‍රදේශයේ දන්ත සායනයක් තුළදී තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් අදාල චීන ජාතිකයා මියගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දන්ත සායනයේ සහායකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.රෝගියෙකු ලෙස වෛද්‍ය සායනයට ඇතුලු වුනු තුවක්කුකරු වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කරන ස්ථානයටම පැමිණ අදාල චීන ජාතිකයාට වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් එහි සිටි 74 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ 72 හැවිරිදි භාර්යාව ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.ඔවුන් දෙදෙනා ද චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?