පකිස්තානය ඇෆ්ගන් සරණාගතයින් ලක්ෂ 08ක් යළිත් මව්බිමට යවයි

පකිස්තාන රජය එරට ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් හිමිකරුවන් ලක්ෂ 08 දෙනෙකු යළි ඔවුන්ගේ මව්බිමට යැවීමට තීරණය කර තිබෙනවා.

ARY පුවත් සේවය වාර්තා කළේ එරට රජය විසින් මෙම තීන්දුව ගනු ලැබුවේ නීත්‍යනුකූල ඇෆ්ගන් සරණාගත කාඩ්පත් හිමිකරුවන් ගැන සලකා බලමින් බවයි.

ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩිවලින් ඇෆ්ගන් පුරවැසියන් මේ හේතුවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට ද වාර්තා වනවා.

මෙය සිදු වන්නේ අගමැති ශෙබාස්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුව බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?