පක්ෂීන්ගේ රතු දත්ත පොත අළුත් වෙයි

ශ්‍රි ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021 පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණ.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසූයේ පරිසර පද්ධතිය රැක ගැනීම අප කාගෙත් වගකීමක් බවයි. ඒ වගකීම පුරවැසියන් ලෙස අප හැමෝටම පැවරී ඇති දෙයක් බවත් අප රටට ආවෙිනික පක්ෂීන් රැක ගැනීම මුලික කරුණයක් ලෙස තමන් සිතන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

පරිසරය සුරක්ෂිත කිරිමට මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමටත් රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබා දීමට තමන් කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින්, ශ්‍රි ලංකාව වැනි කුඩා දිවයිනක ජිවත්වන පක්ෂින් වෙනුවෙන් මෙවැනි සංරක්ෂණ ක්‍රියාවක් දියත් කිරිම වට්නා කාර්යක් බවත්,පක්ෂින්ගේ තක්ෂේරු කරන ලද විශේෂ 244න් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවත්,තර්ජනයට ලක් වු හා අවදානම් ,තර්ජනයට ලක් වීමට ආසන්න පක්ෂින් පිළිබඳ ඇතුළත් දත්ත රතු ලැයිස්තුව මගින් ඉදිරිපත් කිරිම වටිනා කාර්යක් ලෙසත් පැවසීය.

මෙම අවස්ථාවට මහාචාර්ය දේවක වීරකොන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා කාර්ය මණ්ඩය සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51