පංති කාමරයේ දී අවසන් ගමන් ගිය කිවිරගේ දේහය නිවසට – බෝ ගස ඉවත් කිරීම හමුදාවේ සහායෙන්

බලංගොඩ, රජවක විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (12) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ එම පාසලේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය නැමැති සිසුවෙක්.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ කිවිර හිරුජයගේ දේහය අද (13) දහවල් ඔහු පදිංචිව සිටි රජවක, බිබිලෙවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආවා.

මේ අතර පාසල් ගොඩනැගිල්ලට කඩාවැටුණු බෝගසේ කොටස ඉවත් කිරීමේ කටයුතු ද අද දිනයේ ආරම්භ කෙරුණා.

ඒ, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 20 දෙනෙක්කුගේ සහාය ඇතිවයි.

දැව සංස්ථාව මඟින් හෙට (14) දිනයේ සිට එම බෝ ගස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයූතු සිදුකිරීමට නියමිත බව ‘දසත නිවුස්, බලංගොඩ වාර්තාකරු සඳහන් කළා.

ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරන් තවත් සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22