පංචිකාවත්ත වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේ දී පසුගිය සැප්තැම්බර් මස 06 වනදා අලුයම් කාලයේ පුද්ගලයෙක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද ඊයේ (04) ලැබුණු තොරතුරකට අනුව මරදාන, අබේසිංහාරාම මාර්ගයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ඇත්තේ තමා මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, එහිදී අපරාධයට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ දී සැප්තැම්බර් මස 06 වනදා අලුයම් කාලයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50