නොවැම්බර් 26 කළ ICC යාවත්කාලීන කිරීම් අනුව පැතුම්, කමිඳු, ප්‍රභාත් හා වනිඳුට උසස් වීම්

ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

නොවැම්බර් 26 වැනි දින ටෙස්ට්, එක්දින සහ T20 තරග රටා තුනෙහි ම හොඳම කණ්ඩායම්, හොඳම පන්දුයවන්නන් සහ හොඳම පිතිකරුවන් යාවත්කාලීන කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට නවතම යාවත්කාලීන කිරීම් අනුව සයවැනි ස්ථානය හිමි ව තිබෙනවා.

පළමු ස්ථානය ඉන්දියාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 5298ක් එක් කරගනිමින්.

එක්දින තරග රටාව තුළ දෙවැනි හා තෙවැනි තැන පිළිවෙළින් ඔස්ට්‍රෙලියාව සහ පාකිස්තානයට හිමිව තිබෙනවා.

මේ අතර එක්දින පිතිකරණ ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු මුල් පෙළ 10 දෙනා අතරට එක් ව තිබෙන අයුරු දැකිය හැකියි.

එහිදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක චරිත් අසලංක එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ සිය නවතම ස්ථානය 10 බවට පත් කරගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට 08 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

මෙම යාවත්කාලීන කිරීම් හි විශේෂ සිදුවීමක් වන්නේ ඉන්දීය එක්දින පිතිකරුවන් තිදෙනෙකු 2,3 හා 4 යන ස්ථාන පිළිවෙළින් අත්පත් කරගැනීම නිසාවෙන්.

රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් හා විරාට් කෝලි ඒ අතර වනවා.

සුපුරුදු පරිදි එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ බාබර් අසාම් සිටින්නේ තවදුරටත් මුදුනා වෙමින්.

මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි හොඳම ටෙස්ට් පිතිකරුවන් දසදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු ඇතුළත් ව සිටිනවා.

ඒ කමිඳු මෙන්ඩිස්.

කමිඳුට හිමිව ඇති ස්ථානය 09 වන අතර ඔහු ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම යාවත්කාලීන කිරීම් අනුව ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් ස්ථාන දෙකකින් ඉදිරියට එමින් සිය ස්ථානය ලෙස දෙවැනි තැන හිමිකරගෙන තිබෙනවා.

නවසීලන්තයේ ඩැරිල් මිචෙල් පස්වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර පාකිස්තානයේ සෞද් ශකීල් 08 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ප්‍රභාත් ජයසූරිය ස්ථාන 02කකින් සිය ස්ථානය පෙරට ගෙනැවිත් තිබෙන අතර ඔහුට හිමිව ඇති නවතම ස්ථානය 05යි.

නොවැම්බර් 26 වැනිදා කළ යාවත්කාලීන කිරීම් අනුව රවිචන්ද්‍රන් අශ්වින්ගේ ස්ථානය 04 වී ඇති අතර ඉන්දියවේ ජස්ප්‍රිට් බුම්‍රා පළමු තැනට පැමිණ තිබෙනවා.

ඒ ස්ථාන 02ක් පසුකරමින්.

මේ අතර පන්දුවාර 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුල් දසදෙනා අතරට ශ්‍රී ලාංකික පිතිකරුවෙකු පැමිණ තිබෙනවා.

ඒ අනුව පැතුම් නිස්සංකට මෙම ලැයිස්තුවේ 09 වැනි ස්ථානය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එහි පළමු තැන ට්‍රවිස් හෙඩ්ට හිමිව තිබෙනවා.

පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ වනිඳු හසරංග සිව්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

එහි පළමු තැන සිටින්නේ ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යායායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?