එළඹෙන නොවැම්බර් මස 05 වනදා දිවයිනම ආවරණයවන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ මෙම සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බවයි.
කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හතර කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබනවා.
පසුගිය මාස තුනක කාලය තුලක භූකම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත්, සුනාමි තත්වයකට මුහුණදීම සඳහා මෙම සුනාමි පෙර සූදානම දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5 කට වඩා භුකම්පනයක් වාර්තා වූ විට එය දිවයිනට සුනාමි තත්වයක අවධානමක් ඇතිවන බවත්, ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.





