නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්

එළඹෙන නොවැම්බර් මස 05 වනදා දිවයිනම ආවරණයවන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ මෙම සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බවයි.

කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හතර කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබනවා.

පසුගිය මාස තුනක කාලය තුලක භූකම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත්, සුනාමි තත්වයකට මුහුණදීම සඳහා මෙම සුනාමි පෙර සූදානම දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5 කට වඩා භුකම්පනයක් වාර්තා වූ විට එය දිවයිනට සුනාමි තත්වයක අවධානමක් ඇතිවන බවත්, ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
4
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34