බාල ගල් අඟුරු යොදාගැනීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ඒකකය කටයුතු ඊයේ (04) දිනයේ දී නතර කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ බාල ගල් අඟුරු දහනය කිරීම හේතුවෙන් බලාගාරයේ එක් චිමිනියකින් විශාල කළු දුමාරයක් පරිසරයට එක්වන බවයි.
ඒ, හේතුවෙන් මේ වනවිටත් අවට පරිසරය කළු දුමාරයෙන් වැසී ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













