කල්පිටිය – නොරොච්චෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීම සදහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (27) දහවල් එම බලාගාරය වෙත පැමිණියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා, ඩී.වී. චානක, ජේ.සී.අලවතුවල, චමින්ද විජේසිරි, සුජීව සේනසිංහ සහ රෝහණ බණ්ඩාර යන එම නිරීක්ෂණය සඳහා එක්ව සිටියා.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කියා සිටියේ විපක්ෂය විසින් පාර්ලිම්න්තුවේදී එල්ල කරන ලද චෝදනාවන් මෙම බලාගාරයේ නිලධාරීන් විසින් අද දිනයේ දී සනාථ කළ බවයි.
මෙතෙක් ඉතිහාසයේ ආනයනය කරනු ලැබූ අඩුම ගුණාත්මකභාවයකින් යුත් ගල් අඟුරු මෙම ආණ්ඩුව යටතේ ගෙන්වා ඇති බව නිලධාරීන් පැවසූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.



