නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුන් රාගමින් හමුවෙයි

ඉකුත් (04) දින නොර්වුඩ් ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචි මෙම සිසුන් සිව්දෙනා එම වතුයායේම පාසලේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ බවයි වාර්තා වුණේ.

ඉකුත් (04) දින සිට එම සිසුන් සිව්දෙනා අතුරුදන් වී ඇති බවට අතුරුදන් වූ පාසල් සිසුවෙකුගේ පියෙකු විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

එම සිසුන් රැකියාවක් සොයාගැනිමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුව එම සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටිය දී පොලිස් භාරයට ගෙන දෙමව්පියන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව පොලිසිය කියා සිටින්නේ, ළමුන් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බවට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති නිසා එම සිසුන් සිව්දෙනා සහ දෙමව්පියන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13