නොමිලේ දුවන කොට්ටාව – පිටකොටුව බස් රථ තුන

මාර්ග අංක 138 කොට්ටාව – පිටකොටුව බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ තුනක් අද (30) දිනයේ දී මගීන්ගෙන් මුදල් අයකර ගැනීමකින් තොරව ධාවනයට එක්කර ඇති පුවතක් වාර්තා වනවා.

අදාල බස් රථවල හිමිකරුවන කොට්ටාව, සමන්පුර පදිංචි ඉසුරු අසංක මෙම සත්කාරය සිදුකරනු ලබන්නේ මියගිය සිය මවගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් වීම විශේෂත්වයක්.

අද දිනයේ එක බස් රථයක් ගමන්වාර 04 බැගින් බස් රථ තුන ගමන්වාර 12ක් ධාවනය කරන බවයි තොරතුරැ වාර්තා වුණේ.

ඒ, සඳහා එක් බස් රථයකට දිනකට රුපියල් 35,000ක ඩීසල් වියදමක් දැරිය යුතු බවයි ඉසුරු අසංක සඳහන් කර සිටියේ.

එමෙන්ම එම බස් රථ තුනේ සේවකයින් හයදෙනා ද අද දිනයේ වැටුප් රහිතව සේවයේ යෙදී සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
253
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49