නොබෙල් සාම ත්‍යාගය දිනු මලාලා විවාහ ගිවිස ගනියි

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායිගේ විවාහ ගිවිස ගැනීම, ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පැවැත්විණි.

තමන් තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව, විවිහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප පළ සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් 24 හැවිරිදි මලාලා යූසොෆ්සායි පවසා ඇත.

මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියකි. වර්තමානයේ ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය. මලාලා යූසොෆ්සායි පාකිස්තානුවෙකි. ඇය උපන්නේත් හැදී වැඩුණේත් පාකිස්තානයේ ස්වාත් නිම්නයේය. මලාලා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ 2012 වසරේදීය.

ඒ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට, තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවය.

මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇගේ පියා සමඟ එක් වී බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේත් රජයේත් අවධානය මලාලාට හිමිවූයේ එබැවිනි. මලාලා සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් ද ලන්ඩන් නුවරට පැමිණි අතර ඔවුන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය.

ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මලාලා එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරිනියක සහ තානාපතිවරියක ලෙස බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අතර, ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. මලාලා නොබෙල් සාම ත්‍යාලයෙන් පිදුම් ලැබුවේ 2014 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මලාලා යූසොෆ්සායි ය.

මලාලාගේ අත ගත්තේ අසර් මලික්ය. අසර් මලික් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරයි. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් සභාපතිවරයා ලෙසත් අසර් මලික් කටයුතු කර ඇත.

මලාලා සහ අසර් එකිනෙකා එකිනෙකා හඳුනා ගනිමින් පෙම්වතුන් වූයේ කවදාදැයි මාධ්‍ය වාර්තා කර නැත. ඊට හේතුව ඒ විස්තර කිසිවක් ප්‍රසිද්ධියට පත් වී නොමැති බැවිනි.

කෙසේ නමුත් 2019 ජුනි මාසයේ, බර්මින්හැම් එඩ්ගැස්ටොන් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරැඹීමට මලාලා ද ගොස් සිටියාය. එම තරගය පැවැති අවස්ථාවේ, අසර් මලික් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කළ සෙල්ෆි ඡායාරූපවල මලාලා ද සිටිනු දැකිය හැකිය.

අසර්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. අසර් අධ්‍යාපනය ලැබුවේ 2008 සිට 2012 තෙක් කාලයේය. තලේබාන්වරුන් මලාලාගේ හිසට වෙඩි තැබුවේ 2012 දීය. වේදිකා නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන ‘ඩ්‍රීම්ලයින්’ සමාගමේ සභාපති ධුරය හොබවන්නේ ද අසර් යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21