නේපාල ක්‍රිකට් තරුව ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වෙයි

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලැමිචනේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කත්මණ්ඩු දිසා අධිකරණය විසින් ඔහුට එරෙහිව ඊයේ (29) මෙම තීන්දුව ලබාදුන් බවයි.

කෙසේ වෙතත් ඔහුට හිමිවන දඬුවම සම්බන්ධයෙන් දඩුවම් විභාගය ලබන මස මුලදී පැවැත්වීම නියමිතව තිබෙනවා.

කත්මණ්ඩු හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙම පා දඟ පන්දු යවන්නාට 2022 සැප්තැම්බර් මාසයේ දී චෝදනා එල්ල වුණා.

මෙම චෝදනාවත් සමඟ ඔහුට නේපාල ජාතික කණ්ඩායමේ නායකත්වය ද අහිමි වූ අතර, තරග තහනමක් ද පනවනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහු පසුගිය ජනවාරි මාසයේ දී ඇප මත නිදහස් වූ අතර, ඒ අනුව ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සඳහා යළි නේපාල සංචිතයට ද පැමිණියා.

මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවන සන්දීප් ලැමිචනේ මුල සිටම කියා සිටියේ, පරීක්ෂණයේ සෑම අදියරකටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නීතිමය සටනක් කරන බවත්, මෙය කුමන්ත්‍රණයක් සහ වැරදි චෝදනාවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?