නේපාලයේ බස් අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

නේපාලයේ ගංගාවකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිකුරාදා රාත්‍රී 11:30ට පමණ නේපල්ගුන්ජ් සිට කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ බස් රථය, Bhalubang හි Rapti පාලමෙන් ඉවතට පැන ගඟට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රතිකාර ලබමින් සිටියදී මගීන් පස් දෙනෙකු මිය ගිය අතර තවත් හත් දෙනෙකුගේ සිරුරු අනතුර සිදුවූ ස්ථානයෙන් සොයා ගෙන තිබුණා.

අනතුරින් මියගිය අය අතර ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද වනවා. මියගිය තවත් තිදෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු 37 දෙනෙකු බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොහාල්පූර් හි නේපල්ගුන්ජ් වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කෙරුණා.

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු කොහාල්පූර්හි පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර 28 හැවිරිදි බස් රථ රියැදුරු පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26