නේපාලයේ ගංගාවකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිකුරාදා රාත්‍රී 11:30ට පමණ නේපල්ගුන්ජ් සිට කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ බස් රථය, Bhalubang හි Rapti පාලමෙන් ඉවතට පැන ගඟට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රතිකාර ලබමින් සිටියදී මගීන් පස් දෙනෙකු මිය ගිය අතර තවත් හත් දෙනෙකුගේ සිරුරු අනතුර සිදුවූ ස්ථානයෙන් සොයා ගෙන තිබුණා.
අනතුරින් මියගිය අය අතර ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද වනවා. මියගිය තවත් තිදෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු 37 දෙනෙකු බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොහාල්පූර් හි නේපල්ගුන්ජ් වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කෙරුණා.
ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු කොහාල්පූර්හි පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර 28 හැවිරිදි බස් රථ රියැදුරු පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.




