AFC Banner
AFC Banner
Empty Ad

නේපාලයේ ජයග්‍රහණය අවසන් මොහොතේ දකුණු අප්‍රිකාව උදුරාගනී

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (15) සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටවුන් හිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ ලකුණු 01 කින්.

‘ඩී’ කාණ්ඩයේ තරගයක්වන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ප්‍රබල දකුණු අප්‍රිකානු ඉනිම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී තිබිය දී ලකුණු 116කට සීමා කරන්නට නේපාල පන්දු යවන්නට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 43ක් රැස්කළ අතර ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කුෂාල් බුර්ටෙල් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමු අතර, දීපේන්ද්‍ර සිං අයිරි කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 116ක ඉලක්කයක් හඹා යාමට නේපාලය පිටියට පිවිසියා.

එහිදී නේපාල ඉනිම වෙනුවෙන් ආසිෆ් ෂෙයික් ලකුණු 42ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, අනිල් ෂා ලකුණු 27ක් රැස් කළා.

අවසානයේ නේපාලයට අවසන් පන්දුවාර තුළ තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 08ක ඉලක්කයක් හිමිව තිබුණා.

එම පන්දුවාර යැවීමේ වගකීම ඔට්නයිල් බාර්ට්මන්ට පැවරීමට නායක ඒඩන් මාක්‍රම් කටයුතු කළ අතර, අවසානයේ එම පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු 02ක ඉලක්කයක් නේපාලයට හිමිව තිබුණා.

එහිදී පන්දුවට පහර දුන් ගුල්සන් ජා දුවද්දී දවාගැනීමට ලක්කර ගනිමින් දකුණු අප්‍රිකාව තියුණු සටනකින් පසු මෙම තරගය ජයග්‍රහණය කළා.

ඒ, අනුව නේපාල ඉනිම නියමිත පන්දුවාර 20 තුළ දැක්වුණේ කඩුලු 07කට ලකුණු 114ක් ලෙසයි.

මෙම ජයත් සමඟ දකුණු අප්‍රිකාව මුලික වටයේ සහභාගී වූ තරග සියල්ලම ජයගෙන අපරාජිතව සුපිරි 08 වටයට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?