AFC Banner
AFC Banner
Empty Ad

නෙළුම් කුළුනේ පැරෂුට් සංදර්ශනය අතර තුර අනතුරක් – විදෙස් ජාතිකයෙක් ජාතික රෝහලට

නෙළුම් කුළුන මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු අද (13) අනතුරට ලක්ව තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා කුළුන මුදුණේ සිට පැරෂුට් පිම්ම පැනීමෙන් පසු ඔහුගේ පැරෂුටය නිසි ආකාරයෙන් විවෘත නොවීමත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීම් සංදර්ශන සංවිධානය කර තිබෙනවා.

ඊයේ (12) දින සිට දින තුනක් මෙම සංදර්ශන පැවැත්වෙන බවයි එම සමාගම සඳහන් කළේ.

අද (13) එම සංදර්ශනයේ දෙවන දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?