නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්

කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (08) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් එක්‌ පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

නෙළුම් කුලුන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක් අතර තුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සංගීත සංදර්ශනයේ ආරක්ෂාවට යොදවා සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීම සිදුකළ අය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

පෞද්ගලික කාරණාවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?