නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මහාචාර්ය ඒකකය කැබිනට් තීන්දුවක් මත අහෝසියි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මහාචාර්ය ඒකකය පවත්වාගෙන යාමට පසුගිය රජය සමයේ ගත් තීන්දුව අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට (21) පැවැත්වෙමින් ඇති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කාර්‍යය මණ්ඩලය සහ උපකරණ හිඟ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලේ මෙම මහාචාර්‍යය ඒකකය ආරම්භ කිරීමට ද තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ ආශ්‍රිත ව මොරටුව වෛද්‍ය පීඨය ඉදිකිරීමට ද තීරණය කර ඇති අතර ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ද සලසමින් පවතින බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දුන්නේ.

ඒ සඳහා මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට නාගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසක් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් විශ්වවිද්‍යාලයට පවරාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34