AFC Banner
AFC Banner
Empty Ad

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කහ තොගයක් අත්අඩංගුවට

යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 989ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් වෙරළ බඩ මුර යාත්‍රාවන් යොදවා ඊයේ (19) රාත්‍රියේ යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 14ක අසුරන ලද වියලි කහ කිලෝ 496 ග්‍රෑම් 054ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් මුහුදට දමන ලද කිලෝ 48 ග්‍රෑම් 030ක පමණ බරින් යුත් වියළි කහ උරයක් ද එහිදී, නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය විසින් ඊයේ රාත්‍රියේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ තවත් සෝදිසි මෙහෙයුමකදී ද කහ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 445 ග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ත් 51 ත් අතර, වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා , වියලි කහ කිලෝ 989 ග්‍රෑම් 884ක තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?