නීති විරෝධී මත්පැන් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් බෝතලයක් රැගෙන ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයකු ඉඳිකටුපාන පොලිස් මුර පොලේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට ලබන ජනවාරි මස 3 වනදා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට දැනුම් දෙමින් ඇප මත මුදා හැරි බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු තවත් වන්දනාකරුවන් 12 දෙනෙකුගෙන් සමන්විත නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණ තිබුණා.

ජලය රැගෙන යන ප්ලාස්ටික් බෝතලයක සැකකරු මෙලෙස නීති විරෝධී මත්පැන් රැගෙන වන්දනාවේ පැමිණ ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ප්‍රකාශ කර ඇති අංකයට ලැබුණු තොරතුරක් මත ඉදිකටුපහන පොලිස් මුරපොල වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණා.

එම වන්දනා නඩය ඉඳිකටුපහණ පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පරීක්ෂා කර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා නල්ලතන්නිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් පොලිස් නිල සුනඛ අංශයේ ද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගැනිමට වන්දනාකරුවන් ගමන් ගන්නා සියළුම මාර්ගවල සහ හැටන් දුම්රිය ස්ථානයේ පොලිස් මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
8
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?