AFC Banner
AFC Banner
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 10ක් නාවික හමුදා භාරයට

ත්‍රීකුණාමලය නිලාවේලි සහ ලංකාපටුන වෙරළ ප්‍රදේශයන්හි නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නිලාවේලි මුහුදු ප්‍රදේශයෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එම පුද්ගලයා සතුව තිබී නීති විරෝධී ‍ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයන් තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (04) අළුයම ලංකා පටුන වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව විසින් පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරන ලද පුද්ගලයින් 9 දෙනෙකු සමඟ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 116ක ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රා 3ක් සහ කිමිදුම් උපකරණ ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 48 ත් අතර වයසේ පසුවන තඹලගමුව සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම සැකකරුවන්, මසුන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?