නීති විරෝධීව ගෙන් වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බව රේගුව කියයි

භාවිත කළ වාහන ආනයනය කිරීමේ දී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකය නොමැතිව මෙරටට ගෙනඑන ලද වාහන 300 කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම වාහන දේශීය වෙළඳපොළට මුදාහැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙම වාහන සම්බන්ධයෙන් රජයේ නිසි විසඳුමක් ලබා නොදුනහොත් එම වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
13
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?