නීති විරෝධීව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය අවසන්කර නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව දඩ ගෙවීමකින් හෝ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එම පොදුසමා කාලය පසුගිය 17 වනදා ආරම්භ වූ අතර එය අවසන් වන්නේ එළඹෙන 06 වන මස 17 වනදායි.

කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් 19,620ක් පමණ රැඳී සිටින බවට වාර්තා වනවා.

ඒ, අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවයි කුවේට් හි ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

එරට තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙම පොදු සමා කාලය තුළ පිටවීමට නොහැකිවුහොත්
ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇඟිලි සළකුණු ලබා ගෙන යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000ක දඩ මුදලක් ද අයකර පිටුවහල් කිරීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර කුවේට් රාජ්‍යයේ අධිකරණයේ හෝ එරට පොලිස් ස්ථානයක නේවාසික වීසා සම්බන්ධ පැමිණිලි හැර වෙනත් චෝදනා ගොනු වී ඇති පුද්ගලයන්ට මෙම පොදු සමා කාලය උපයෝගී කර ගෙන එරටින් බැහැර වීමට අවස්ථාව හිමි නොවන බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් සඳහන් කළේ.

මීට අමතරව මෙම පොදු සමා කාලය තුළ යළි ශ්‍රී ලංකාවට පිටත්ව යෑමට සහනදායී මිල ගනන් යටතේ ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම සඳහා දැනට කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සිදුකරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ අල් ජසීරා ගුවන් සේවයේ විශේෂ කාර්යාල කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?