නීති විරෝධීව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය අවසන්කර නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව දඩ ගෙවීමකින් හෝ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එම පොදුසමා කාලය පසුගිය 17 වනදා ආරම්භ වූ අතර එය අවසන් වන්නේ එළඹෙන 06 වන මස 17 වනදායි.

කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් 19,620ක් පමණ රැඳී සිටින බවට වාර්තා වනවා.

ඒ, අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවයි කුවේට් හි ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

එරට තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙම පොදු සමා කාලය තුළ පිටවීමට නොහැකිවුහොත්
ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇඟිලි සළකුණු ලබා ගෙන යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000ක දඩ මුදලක් ද අයකර පිටුවහල් කිරීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර කුවේට් රාජ්‍යයේ අධිකරණයේ හෝ එරට පොලිස් ස්ථානයක නේවාසික වීසා සම්බන්ධ පැමිණිලි හැර වෙනත් චෝදනා ගොනු වී ඇති පුද්ගලයන්ට මෙම පොදු සමා කාලය උපයෝගී කර ගෙන එරටින් බැහැර වීමට අවස්ථාව හිමි නොවන බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් සඳහන් කළේ.

මීට අමතරව මෙම පොදු සමා කාලය තුළ යළි ශ්‍රී ලංකාවට පිටත්ව යෑමට සහනදායී මිල ගනන් යටතේ ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම සඳහා දැනට කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සිදුකරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ අල් ජසීරා ගුවන් සේවයේ විශේෂ කාර්යාල කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06