නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 05ක් වලාන මධ්‍යම ප්‍රහාරක දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලවාන පොලිස් වසමේ මානාන සහ කොස්වත්ත ප්‍රදේශයවල දී මෙම එකලස් කරන ලද වාහන අත්අඩංගුවට ගැනීමට හැකිව වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වාහනවල චැසි අංක, එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙහිදී ජීප් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට සම්බන්ධ ප්‍රධාන සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ක්ලාන්ත වී ඇද ඇටී ඇති අතර, ඔහුව ප්‍රතිකාර සඳහා රත්තපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1