Empty Ad
AFC Banner
Empty Ad

නීති විද්‍යාල පොදු ප්‍රවේශ පත්‍ර විභාගය කල් යයි

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද (2016/24) එලෙස අදාළ දිනවල දී නොපැවැත්වෙන බවයි.

අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හි දී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් ඒ මහතා නිවේදනය කළේ එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි.

“දෙසැම්බර් 01 සහ 02 යොදාගෙන ඇති තවත් විභාග දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි.
පළවෙනි විභාගය ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2024. මෙම විභාගය දෙසැම්බර් 01 වනදා කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කර තිබුනා. අනෙක් විභාගය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩයිම් විභාගය 2016/24. මේ විභාග දෙක අපි අදාළ දිනවල පවත්වන්නේ නැහැ. ඒ අනුව මෙම විභාග පැවැත්වීමේ දින ඉදිරියේදී අදාළ අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?