නීති පැවතිය ද අවශ්‍ය වන්නේ ජනතාවගේ දැනුවත්භාවයයි

ඩෙංගු මර්දනයට නීති පැවතිය ද අවශ්‍ය වන්නේ ජනතාව දැනුවත් කර ඔවුන් ද සම්බන්ධ කර ගනිමින් ඩෙංගු පාලනය කිරීම බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඩෙංගු මර්දන වැඩසටහනක් නිරීක්ෂණය කරමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියා.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වල්පොළ හා කලපලුවාව ග්‍රාම නිලධාරී වසම් වල මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.ඒ මෙම කොට්ඨාශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනුයි. කීටයන් විනාශ කිරීම සදහා ළගා විය නොහැකි ස්ථානවලට ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ මදුරු මර්දන දියර ඉසීම ද සිදුකෙරුණා.

මෙතෙක් සිදුකරන ලද මදුරු මර්දන වැඩසටහන් පිළිබද සමාලෝචන රැස්වීමක් ද පැවැත්වුණා.

කොළඹ ගල්කිස්ස හා කඩුවෙල මහා නගර සභා බලප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි මෙහිදි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?