AFC Banner
AFC Banner
Empty Ad

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයින් 05ක් කොටුවෙයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගියදා කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයේ දී බවටයි වාර්තා වන්නේ.

උච්චමුණිය සහ සේරක්කුලිය යන ප්‍රදේශවල මෙම සැකකරුවන් පස්දෙනා නීතිවිරෝධී අයුරින් ධීවර කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ; මොවුන් කිසිවෙකුත් බලපත්‍රලාභී ධීවරයින් නොවන බවට ද හෙළි ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම නාවික හමුදා මෙහෙයුමේ දී නීතිවිරෝධී ව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 740ක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ ධීවර කටයුතු සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?