AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී මූල්‍ය ආයෝජනයක නිරත වූ ආයතනයක අධ්‍යක්ෂවරුන්ට උසාවි නියෝගයක්

අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධි මූල්‍ය ආයෝජනයක නිරත වූ බව කියන එම්.ටී.එෆ්.ඊ (MTFE) නමැති ආයතනයක අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) නියෝග කර තිබෙනවා.

දර්ශන ජයවර්ධන, කනක ගුණසේකර, රසික ලක්මාල්, හා එරික් පියුමාල් නමැති සැකකරුවන් සිව් දෙනකුගේ බැංකු වාර්තා මෙලෙස කැඳවීමටයි නියෝග කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

මහ බැංකුව තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?