නීතිවිරෝධී මූල්‍ය ආයෝජනයක නිරත වූ ආයතනයක අධ්‍යක්ෂවරුන්ට උසාවි නියෝගයක්

අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධි මූල්‍ය ආයෝජනයක නිරත වූ බව කියන එම්.ටී.එෆ්.ඊ (MTFE) නමැති ආයතනයක අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) නියෝග කර තිබෙනවා.

දර්ශන ජයවර්ධන, කනක ගුණසේකර, රසික ලක්මාල්, හා එරික් පියුමාල් නමැති සැකකරුවන් සිව් දෙනකුගේ බැංකු වාර්තා මෙලෙස කැඳවීමටයි නියෝග කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

මහ බැංකුව තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35