නීතිවිරෝධී ක්‍රමයට මසුන් ඇල්ලූ හයක් බෝට්ටු පහක් සමග අත්අඩංගුවට

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ දී තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු බෝට්ටු පහක් සමඟින් ඊයේ (22) අත්අඩංගුවට ගත් බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය කොක්කුතුඩුවායි ප්‍රදේශයේ දී සිදුකළ හදිසි වැටලීමක දී අදාළ සැකකරුවන් හා බෝට්ටු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා බෝට්ටු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බව ද මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?