නීතිවිරෝධීව ගෙන ආ කෝටි දෙකකට අධික භාණ්ඩ සහ මත්පැන් සමඟ තුනක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර රේගුවට තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන රැගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමඟ ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙක්‌ ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ තොගය අතර විදේශීය නිෂ්පාදිත විස්කි, දුම්වැටි, ඇපල් වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන උපාංග, ඇපල් වර්ගයේ ස්මාර්ට් අත්ඔරලෝසු, මැක් බුක්, ඇපල් වර්ගයේ අයි පෑඩ් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ රැසක් ඇති බවයි.

මෙම භාණ්ඩ තොගය මිනුවන්ගොඩ, මස්කෙළිය සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් මෙරටට රැගෙන විත් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ගුවන් තොටුපොළෙන් පිටත ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරි වල නිරතව සිටි කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනා මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49