නීතිරීති නොතකා ලංකාවට රිංගූ අසල්වාසී ජාතීන් 15 දෙනෙකු පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා යළි පිටුවහල් කරනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අය බවයි.

මොවුන් අතරින් දෙදෙනෙකු යාපනය, මත්හල් ප්‍රදේශයේ රෝග සුව කිරීමේ අන්තවාදී ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අතර, ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

එහිදී අත්අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා ඊයේ දින අලුයම ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ.- 1172 දරන ගුවන් යානයෙන් කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණු බවයි වාර්තා වන්නේ.

මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක , කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපොළෙන් අද දින ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබූ බවයි වාර්තා වූයේ.

යාපනය ප්‍රදේශයේ අවන්හල් තුළ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 05 දෙනෙකු ද ඉකුත් දිනක පලාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කෙරුණා.

මෙම අත්අඩංගුවට ගැනීම, වැඩිදුර විමර්ශන කටයුතු සහ පිටුවහල් කිරීම ආගමන විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මියගේ උපදෙස් මත ආගමන විගමන පාලක ( මෙහෙයුම් සහ විමර්ශන ) විපුල් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ බළයලත් නිලධාරී හරිත් පාණ්ඩියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07