AFC Banner
Empty Ad
Empty Ad

නීතිය හසුරුවන්න හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණයි – කාදිනල් හිමියන් පවසයි

වසර 70 ක කාලයක් තුළ මෙරට ජනතාවට යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

වර්තමානයේදී බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් මතුව ඇති බවද කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

”දැන් අපේ කතොලික් සමාජයට බලපාන පාස්කු ප්‍රහාරයේ සිදුවීම තුල අසාධාරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉශ්ට කරගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. එතන දේශපාලන බලපෑම් දේශපාලන වාසි ඕනෑ එපා කම් නිසා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මේක නිකන් අර මම ඉස්සෙල්ලා ඉදන් කිව්වා වගේ කාපට් එක යටට දාන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. සුළු සුළු ලාභ ප්‍රයෝජනවලට වාසිවලට තමන්ගේ ආත්මය පාවාදීලා තියෙනවා. එහෙම බැහැ අපි ඉන්න ඕනේ කතෝලික සභාව වශයෙන් ජනතාවගේ පැත්තේ. පාලකයින්ගේ පැත්තේ නෙමෙයි බලවතුන්ගේ පැත්තේ නෙමෙයි. රදගුරු නිලයක් ලැබුණා කියලා, රදගුරුතුමෙකුට බැහැ. තමන්ට ලැබෙන වාසියක් ප්‍රයෝජනයක්. වාහන පර්මිට් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදාගන්න කරන උදව්වක් ඉඩම් කෑල්ලක් ඒවා වගේ දේවල්වලට ආත්මය පාවා දෙන්න බැහැ අපිට. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය වෙනුවෙන් පෙනි සිටින්න”

කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?