නීතිඥයා ඝාතනයේ දෙවැනි වෙඩික්කරු ඇල්ලුවේ මහජනතාව දුන් තොරතුරුවලින් – පොලිසිය

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා, කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙක්ට සහ ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ එක් වෙඩික්කරුවෙක් පසුගිය 21 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මෙම අපරාධයේ අනෙක් වෙඩික්කරුද විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (24) දිනයේ දී ඌව පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකරුව, අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එම සැකකරු සම්බන්ධයෙන් මහජනතාව විසින් ලබාදුන් තොරතුරු මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (25) ශ්‍රී ලංකා පොලිසිය විසින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයන්ට සහය දැක්වූ සහ තොරතුරු ලබාදුන් මහජනතාවට ස්තුතීවන්ත වන බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?