AFC Banner
Empty Ad
Empty Ad

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍යවලින් සිදුකරන ඡන්ද ප්‍රචාරයන් වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරනයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භවන නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

සමාජ මාධ්‍ය යොදාගනිමින් ඇතැම් පිරිස් නීතිවිරෝධීව අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ ජාත්‍යන්තර සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වංචනික ලෙස ඡන්දය භාවිත කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් 20,000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

මීට පෙර මෙම වරද සඳහා අය කළ දඩය වූයේ රුපියල් 500ක මුදලක්.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ වංචනිකව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට වසරක සිරදඬුවමක් ද හිමිවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?