නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍යවලින් සිදුකරන ඡන්ද ප්‍රචාරයන් වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරනයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භවන නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

සමාජ මාධ්‍ය යොදාගනිමින් ඇතැම් පිරිස් නීතිවිරෝධීව අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ ජාත්‍යන්තර සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වංචනික ලෙස ඡන්දය භාවිත කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් 20,000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

මීට පෙර මෙම වරද සඳහා අය කළ දඩය වූයේ රුපියල් 500ක මුදලක්.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ වංචනිකව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට වසරක සිරදඬුවමක් ද හිමිවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15