නිවස ඉදිරිපිට නවතා තිබූ අධි සුඛෝපභෝගී බස්රථය ගිනිගෙන විනාශයි

 යාපනය මාණිප්පායි පොලිස් වසමේ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අධිසුඛෝපභෝගී බස්රථයක් අද (21) අලුයම් කාලයේදී ගිනිගැනීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

අද දින අලුයම 4 ට පමණ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ අදාල බස්රථයේ හිමිකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී මෙලෙස ගිනිගැනීමටකට ලක්ව තිබුණා.

රාත්‍රිකාලය හේතුවෙන් බස්රථයේ ගින්න ආරම්භයේදී  කිසිවෙකුත් දැක නොමැති අතර පසුව ගින්න බස්රථය පුරාම ව්‍යාප්ත වීමෙන් පසුව ප්‍රදේශවාසියෙකු දැක ඒ බව බස්රථයේ හිමිකරුටද දැනුම් දී ගින්න නිවා දැමීමට උත්සහ කොට ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන්ද පැමිණ බස්රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කලද ඒ වනවිටත් බස් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන ඇතැයිද පොලීසිය පැවසීය.

බස්රථයේ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ගිනිතැබුවේයැයදි සැකයක් පවතින හෙයින් ගිනිගත්තේද එසේ නැතිනම් ගිනි තැබුවේද යන්න පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇතැයිද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?