AFC Banner
AFC Banner
Empty Ad

නිවසේ තනිව සිටි තරුණියක් ජීවිතක්ෂයට

25 හැවිරිදි තරුණියක් සිය නිවසේ තනිවම සිටියදී ඊයේ (11) මිය ගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ බෝධිනාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණ කාන්තාවගේ සැමියා රැකියාවට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී ඇය සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අනතුරුව සැමියා විසින් ඇය ඉංගිරිය දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඇය මිය ගොස් සිටි බවයි සඳහන් වන්නේ.

අදාළ කාන්තාව සිහිසුන්ව සිටියදී සොයා ගත් ස්ථානය ආසන්නයේ කාමරයක බිත්තියට නෙරා ඇති විදුලි රැහැනක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමෙන් මෙම කාන්තාව මිය ගියේද යන්න පිළිබඳ සැක කෙරෙන අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
3
+1
41
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?