Empty Ad
AFC Banner
Empty Ad

නිවසක ඇදක් මත තිබී අඹුසැමි යුවළකගේ සිරුරු හමුවේ

බගවන්තලාව තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් සිටි අඹුසැමි යුවළකගේ මළ සිරුරු ඊයේ (16) සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලස සොයාගෙන ඇත්තේ අවුරුදු 39 සහ 37 යන වයස්වල පසු වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු බවයි වාර්තා වුණේ.

පසුගිය 14 වනදා සිට තම සොහොයුරා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොමැති බැවින්, නිවස විවෘත කර බැලිමේ දී නිවසේ කාමරයක ඇදක් මත ඔවුන්ගේ මළ සිරුරු තිබී හමු වූ බවයි ඔවුන්ගේ සොහොයුරා පවසන්නේ.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, වස පානය කර ඔවුන් සියදිවි හානි කර ගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුරු පශ්චාත් මරණ පරික්ෂානය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?