නිවසක් පරීක්ෂාවට ගිය වනජීවි නිලධාරීන්ට ගුටි පූජාවක් දීලා (වීඩියෝ)

අනුරාධපුර මොරගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය වනජීවි නිලධාරීන්ට නිවැසියන් පහර දී තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරියෙකු යකල්ල හුරුලුවැව රෝහලට ඇතුළත් කෙරුණා.

මුව මස් සඟවා ඇති බවට අනුරාධපුර මොරගොඩ වනජීවි නිළධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඊයේ (28) සවස ගල්කටියාව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර තිබෙනවා.

නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කළ එම නිවසේ පියා සහ 24 හැවිරිදි පුත්‍රයා එක්ව වනජීවී නිලධාරින්ට පහරදුන් බව වැටලීමට සහභාගී වූ නිලධාරියෙක් දසත නිවුස් වෙත පැවසුවා.

මොට ආයුධයකින් කළ පහර දීමෙන් තුවල ලැබූ වනජීවී නිලධාරියෙක් යකල්ල හුරුලුවැව රොහලට ඇතුලත් කෙරුණා.

පහරදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම වනජීවී නිලධාරින් විසින් මොරගොඩ පොලිසියට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පැමිණි පොලිසිය හා එක්ව නිවස පරික්ෂා කිරීමේදී සඟවා තිබූ මුව මස් තොගයක් සොයා ගැනීමට හැකි වුණා.

මුව මස් සන්තකයේ තබාගැනීම සහ සාපරාධී බලහත්කාරය පා නිලධාරීන්ට බාධා කිරීම, ආයුධයකින් පහරදී ඝාතයට තැත්කිරීම යන චෝදනා යටතේ පියා සහ පුතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි තරුණයා මීට පෙරද නීති විරෝධී ගිනි අවි දෙකක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ අයෙක්.

සැකකරුවන් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?